ඔබයි මමයි සඳයි තරුයි වගේ 
 ඔබ දිදුලයි ඔබෙ එලියෙන් ඔහේ 
 නෑ එලියක් මට තවමත් මෙහේ 
 වෙන්න බැරි ද මට එලියක් සඳේ?
 ඔබ ඈතයි මම මෑතයි කවදත් හමු නොවේ 
 ඔබෙ එලියට තරු දෑසම අඳුරට මුසු නොවේ 
 හැමදාමත් තරු කැමතියි සඳ එලියට ලොවේ 
 ඉතින් තරුට දෙන්න බැරි ද එලිය නුඹේ, සඳේ?
 තරුයි සඳුයි තව දෙතැනක එක අහසක
 තරුට ලගින් ඉන්න තවත් නෑ අවසර 
 සඳක් නිසා දැයි ඔබ ඔච්චර ආඩම්බර 
 තරු වගේම සඳ කුමරිත් කවි ලියන්න දන්නවා ද?